Tuesday, August 31, 2010
Mobile Phone වලට Free MMS යවන්න දන්නවද?
Saturday, August 28, 2010
Sunday, June 6, 2010
1 කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට දෙන්න. එය කල යුත්තේ සතුටින්මයි.
2 ඔබේ ප්රියතම කවිය කටපාඩම් කරගන්න
3 ඔබට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න.
4 ඔබ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.
5 ඕනෑවට වඩා නිදා නොගන්න.
6 "මං ඔයාට ආදරෙයි" කියද්දී හදවතින්ම කියන්න.
7 කිසිවෙකුගෙන් සමාව ඉල්ලද්දී ඔහුගේ දෑස දෙස කෙලින් බලන්න.
8 දුටු තැනින් ඇතිවන ආදරය පිලිබද විශ්වාස නොකරන්න.
9 අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න.සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.
10 හදවත පත්ලෙන්ම ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකිය. එහෙත් ජීවිතය සම්පූර්ණ කර ගැනීමට
ඇති එකම මග එයයි.
11 යමකට එකග නොවන විටදී සාධාරන ලෙස ගැටෙන්න.එහෙත් කැත වචන කීමෙන් වලකින්න.
12 ඉක්මනින් සිතන්න.හෙමින් කතා කරන්න.
13 ඔබ පිලිතුරැ දෙන්නට අකමැති ප්රශ්නයක් කිසිවෙකු විසින් ඇසූ විට සිනහවක් පා "ඇයි ඔයාට ඒක දැනගන්න ඕන.. යනුවෙන් අසන්න.
14 මහා ලොකු ආදරය මහා ලොකු බලාපොරොත්තු සමග මහා ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.
15 ඔබේ මව සමග නිරතුරැවම අදහස් හුවමාරැ කරගන්න.
16 ඔබ පරාජය වුවත් ඉන් ලැබෙන පාඩම ජයග්රහනය බව සිතන්න.
17 ඔබ ඔබටම ගෙෘරව කරන්න, අනෙක් අයට ගෙෘරව කරන්න.
18 වගකීමෙන් යුතුව සෑම ක්රියාවකම නිරත වන්න.
19 තර්ක කිරීම තුලින් මිතුරන් අහිමි කර නොගන්න.
20 වැරැද්දක් සිදුවූ බව වැටහුණු විට වහාම එය නිවරදි කරන්නට පියවර ගන්න.
21 දුරකථන ඇමතුමට පිලිතුරැ දෙන විට සිනාමුසු වන්න, අමතන්නාව එය හොදින් දැනේවි.
22 විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි මක්නිසාද යත් මහලු වයසට පත්වෙද්දී
අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබාගන්න.
23 ඉදහිට නිදහසේ තනිව කාලය ගත කරන්න.
24 වෙනසවීම් වලට ඔබේ දෑත දිගු කරන්න. එහෙත් ඔබේ වටිනාකම් ගිලිඑී යාමට ඉඩ නොතබන්න.
25 ඇතැම්විට හොදම පිලිතුර වන්නේ නිහඩතාවය බව සිහි තබාගන්න.
26 වැඩියෙන් පොත් කියවන්න, අඩුවෙන් රෑපවාහිනිය නරඹන්න.
27 දෙවියන් වහන්සේ/බුදුන් වහන්සේ විශ්වාස කරන්න, එහෙත් ඔබේ මොටර් රථය අගුලු දමන්නට අමතක නොකරන්න.
28 හොද අවංක ජීවිතයක් ගත කරන්න.ඔබ වයසට ගිය පසු ආපසු හැරී බලා සතුටු වන්නට හැකි වේවි.
29 ඔබේ නිවසේ ඇති ආදරණිය වාතාවරණය හැමදේටම වඩා වැදගත් බැවින් ඒ සදහා හැම කැප කිරීමක්ම කරන්න.
30 ඔබේ ආදරණීයම පුද්ගලයන් සමග බහින්බස් වීමේදී අතීත සිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න.
31 යටි අදහස් තේරැම් ගන්න.
32 ඔබේ දැනුම බෙදා හදා ගන්න.
33 මහ පොලව සමග මෘදු ලෙස ගණුදෙණු කරන්න.
34 භක්තියෙන් ආගම අදහන්න.එහි විශාල ගුප්ත බලයක් තිබෙනවා.
35 චාටු බස් වලට නොරැවටෙන්න.
36 ඔබේ පාඩුවේ සිටින්න.
37 සිප ගන්නා විට දෑස් විවර කරගෙන සිටින කාන්තාව හෝ පිරිමියා විශ්වාස නොකරන්න.
38 අවුරැද්දකට වරක් ඔබ කිසිම දිනෙක නොගිය තැනකට යන්න.
39 ඔබට ඕනෑවට වඩා මුදල් ඇත්නම් ඉන් කොටසක් අනෙක් අයට උදවු කිරීම සදහා යෙදවන්න. ඉන් ලැබෙන්නේ
මිල කල නොහැකි තෘප්තියක්.
40 යම් අවස්ථාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුනහොත් එය වාසනාවක් වීමට ඉඩ ඇති බව මතක තබා ගන්න.
41 නීති ඉගෙන ගන්න පසු ඒවායින් කොටසක් බිද දමන්න.
42 එකිනෙකා වුවමනා දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්න්ධය බලවත් ය.
43 ඒ සදහා කැපකල දේවල් තුලින් ඔබේ සාර්ථකත්වය මැන ගන්න.
44 ඔබේ දෛවය වන්නේ ඔබේම චරිතය බව මතක තබා ගන්න.

